රාමලාන් සඳ
දමා පයට හිල් සෙරෙප්පු
වසා හිස කබල් සාරියෙන්
අම්මා ගියා ස්ව්ර්ගයටම
රුපියල් දහ (රු.1000) පෝලිමේ.....
මන්දාරම එක්ක හෙටත් ඉර උදෙන්ම ඒවි
අම්ම නැතුව කැඳ බොන්නට අපට කියා දේවි
හිතේ තියන දුක් ගින්දර තව තව දලු ලාවි
රාමලාන් සඳ නොයන්න - අපේ ලොවින් පාවී ...!

ජොතිරත්න කදිරහෙට්ටිආරච්චි
22.05.2020


Comments
Post a Comment