සාධාරණ පංගුව - Reasonable Share
අනේ දෙවියනේ, දෙයි හාමුදුරුවනේ
අහන්ඩ මේ ගැත්තාගේ කන්නලව්ව
හුග දොහොකින් ඇහුනෙ නැනේ
දෙකන් පිරෙන මල ඉලව්ව
තෙරපි , තෙරපි පෝලීම්වල
බියෙන් ගැහුන මිනිස්සුන්ට
යටි ගිරියෙන් මොර දුන්නම
වට්ටි පිටින් මල් පලතුරු
පෙට්ට් පිටින් රන් කහවණු
මගේ නමින් උබේ ගෙදර
පෝලිම්වල හිටපු ඇත්තෝ
මේ දිනවල වෙලා ගැත්තෝ
බෙදාපන්කො පහෙන් එකක්
උංගෙ නමින් මගෙ පංගුව
නැත්තං මිරිකනවා බොටුව
පලනව හත් කඩක් ඔලුව
IDH යන්න වෙන්නේ
ප්රවේශමෙන් හිටපන් උබ
දන්නවානේ මගේ තරම
මුහුණු හයයි- අත් දොලහයි

ජෝතිරත්න කදිරහෙට්ටිආරච්චි


Comments
Post a Comment