අපි පෘතග්ජන
සාධු නද පැතිරෙද්දි
වීදී දෙදරුම් කන්ට
එබී බැලුවා පුංචි ප්ලාස්ටික් ජනේලෙන්
උඩම තට්ටුවෙ ඉදන්
මරදාන ෆ්ලැට් එකේ
මුව අයන් බලන විට හිස් අහස
ජල බිදක් අහම්බෙන් - වැස්ස නැති ගිනියමේ
සියලු දොස් කම්මුතුයි
හෙලිකොප්ටරේ පැන්....
හරි ගනන් - ලොකු වැඩක්
නා ලොවත් Lock Down මේ සැරේ
ශ්රධ්ධාව උපයන්නට-සිත් කෝප නොමගන්ට
සද්දෙ තිබුනම මදැ, ඈත ස්පීකරේ
විශාලා මහනුවර- බැහැ පැරණි කතන්දර
පැජරෝව නැතිව දැන් දුර ගමන් අමාරුයි
සැනහෙන්ට - පින්වතුනි;
අපිත් දැන් High Class පෘතග්ජන ......!
ජෝතිරත්න කදිරහෙට්ටිආරච්චි
2020.04.14


Comments
Post a Comment